ඉතිරි මාස පහේ විප්ලවීය වෙනසක් කරනවා! – රාජිත

June 3, 2019 at 6:55 pm | by admin

ඉදිරි මාස 5 තුළදී විප්ලවීය වෙනසක් සිදුකර ජන ජීවිතය වෙනස් කරන බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

මාතලේ සංඝමිත්තා ජාතික පාසලේ පැවති උත්සවයකට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

2015 ලබාගත් ජනවරම නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීම සඳහා යොදාගත් බව අමාත්‍යවරයා මෙහිදී කියාසිටියේය.

පුවත්පත් කර්තෘවරුන් ඝාතනය කළ පැහැරගත් යුගය අවසන් කළ නමුත් වර්තමානයේ මාධ්‍යවේදීන්ට ඔවුන් මුහුණපෑ සිටි පීඩාව අමතක වී ඇතැයි ඇමතිවරයා පැවසීය.

ස්වාධීන කොමිෂන් සභාවක් පත්කරමිනි ඉඩම්වල පූර්ණ අයිතිය ලබාදීමට ද කටයුතු කළ බවත් ඉදිරි මාස  5 තුළදී විප්ලවීය වැඩකොටසක් සිදුකරමින් ජන ජීවිතය වෙනස් කිරීමට කටයුතු කරන බව ද රාජිත සේනාරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස