ඉතා ම කෙටි කාලයකින් රට ගොඩගන්න රනිල්ට පුළුවන්..! – මහාචාර්ය මිල්ටන් රාජරත්න…

June 1, 2023 at 8:18 am | by emanisa.lk

ජපානය හා ශ්‍රී ලංකාව අතර පැවැති සම්බන්ධතා තවත් වර්ධනය වීම ඔස්සේ නව ආයෝජන අවස්ථා ලබා ගැනීමට ජනපති රනිල් වික්‍රමසිංහගේ ජපන් සංචාරය මඟින් අවස්ථාව ලැබෙනු ඇතැයි පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මිල්ටන් රාජරත්න පවසයි.

ජත්‍යන්තරය සමඟ ගනුදෙනු කර ඔවුන්ගේ විශ්වාසය දිනා ගැනීමට සෑම නායකයකුටම නොහැකි බවත් රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු සතු දේශපාලන පරිණතභාවය තුළින් ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් අප රටට ලබාගත හැකි බවත් හෙතෙම කීය.

ජනපති රනිල් වික්‍රමසිංහ හැරුණු විට භාෂා ඥානය ඇති, දේශපාලන හා ආර්ථික කාරණා සම්බන්ධ අවබෝධයක් සහිත ජාත්‍යන්තර වශයෙන් පිළිගන්නා වෙනත් දේශපාලන චරිතයක් ශ්‍රී ලංකාවේ දක්නට නැති බවත් ශ්‍රී ලංකාව කෙරෙහි ජාත්‍යන්තර අවධානය දිනා ගනිමින් රට ඔවුන්ගේ ආර්ථික ක්‍රියාවලිය හා සම්බන්ධ කිරීමේ හැකියාව ජනාධිපතිවරයා සතු බවත් කී මහාචාර්යවරයා පසුගිය විදේශ සංචාරය තුළින් ඒ බව පැහැදිලි වූ බව ද අවධාරණය කළේය.

කෙටි කාලයක් තුළ රට වැටී තිබෙන තත්ත්වයෙන් මුදවා ගැනීමට ඔහුට හැකි වූ බවත් මේ වන විට උද්ධමනය පහළ ගොස් විදේශ සංචිත වැඩි වී තිබෙන බවත් කී මහාචාර්ය රාජරත්නම් රුපියල ශක්තිමත් වී ඇතැයි ද පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *