ඉතා ඉක්මනින් ලංකාවට PayPal පහසුකම ලබා දෙනවා! – ගම්මන්පිල

September 10, 2020 at 11:14 pm | by emanisa.lk

ප්‍රධාන කරුණු 02ක් හේතුවෙන් PayPal පහසුකම ලංකාවට ලබා ගැනීමට බාධා මතු වී ඇතැයි සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිල ප්‍රකාශ කළේය.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට අදාළව මුදල් විශුද්ධිකරණය කිරීමට PayPal ගිණුම් යොදා ගැනීමේ අවධානම එම හේතුය.

ඉතා ඉක්මනින් එම ගැටළු විසඳා ගෙන PayPal මෙරට ස්ථාපනය කිරිමට රජය බලාපොරොත්තුවන බව ද ඔහු කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස