ඇෆ්ලටොක්සීන් බොහෝ ආහාරවල තියෙනවා…! නමුත් සිද්ධිකාගේ ප්‍රකාශය සත්‍ය නෙමෙයි…! – තාක්ෂණ අමාත්‍යංශ ලේකම්…

April 7, 2021 at 10:17 pm | by emanisa.lk

ඇෆ්ලටොක්සීන් නම් පිළිකාකාරකය බොහෝ ආහාරවල ඇතුළත් සංඝකටයක් බව කර්මාන්ත අමාත්‍යංශ ලේකම් ජයන්ත ද සිල්වා පවසයි.

එහෙත් එහි ප්‍රතිශතය 10%ට වඩා එම ආහාර සඳහා අනුමැතිය ලබා දෙන බව ද ඔහු අවධාරණය කරයි.

ප්‍රමිති ආයතනයේ අධ්‍යක්ෂ සිද්ධිකා සේනාරත්න සිදුකරන ප්‍රකාශයෙහි සත්‍යයක් නොමැති බවත් ඇයට සිංහල භාෂා භාවිතයෙහි ගැටලුවක් ඇති බවත් ජයන්ත ද සිල්වා සඳහන් කරයි.

එසේ ම ජනාධිපතිවරයා ද කිසියම් දත්ත සඟවා ඇත්නම් වහාම රටට හෙළි කරන ලෙස දැනුම් දුන් බවත් එවැනි සැඟවූ දත්ත නොමැති බවත් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ ය.

අද (07) ජාතික සංවිධාන කිහිපයක නියෝජිතයින් කර්මාන්ත අමාත්‍යංශයට කැඳවා සිදුකළ පැහැදිලි කිරීමක දී මේ බව අනාවරණය විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස