ඇමැති අරුන්දික කසිප්පු ප්‍රවර්ධනය කරන්නේ ආණ්ඩුව අතහැර යන අහිංසක ජනතාව දිනාගන්න…..! – හේෂා….

April 3, 2021 at 11:43 pm | by emanisa.lk

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කසිප්පු පෙරීම දැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ප්‍රශ්න කරයි.

අහිංසක ජනතාවට ආණ්ඩුව එපා වන විට ඒ පිරිස් නැවැත කැඳවා ගැනීමට ඇමැති අරුන්දික ප්‍රනාන්දු කසිප්පු ප්‍රවර්ධනයට කටයුතු කරන බවට ඔහු චෝදනා කරයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්තිය කසිප්පු ප්‍රවර්ධනය දැයි මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

වියත්මග හදන බව කී කැබිනට්ටුවේ කසිප්පු ප්‍රවර්ධන ඇමැති ධුරය අරුන්දික ප්‍රනාන්දුට ලබා දුන්නේ දැයි ඔහු වැඩි දුරටත් ප්‍රශ්න කළේ ය.

මේ ඇමැතිවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ප්‍රශ්න කළ යුතු යැයි ද හේෂා විතානගේ ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *