ඇඳිරි නීතිය නිසා උතුරේ ජනතාව පීඩාවට පත්වෙලා! මාස හයක් ජල විදුලි ගාස්තු අයකරන්න එපා! – එස්.එච්.එම්.මුජාහීර්

April 1, 2020 at 1:31 pm | by emanisa.lk

ඇදිරි නීතිය පැනවි ඇති නිසා මේ වන විට ආර්ථික වශයෙන් දැඩි ලෙසින් පීඩනයට පත්වි ඇති උතුරුකරයේ ජනතාවගේ ජල හා විදුලි බිල්පත් මාස හයක කාලයක් සඳහා අය කර නොගන්නා මෙන් මන්නාරම ප්‍රාදේශීය සභවේ සභාපති එස්.එච්.එම්.මුජාහීර් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙතින් ඉල්ලීමක් කර ඇත.

කොරෝනා වයිරස් රෝගයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීම පිණිස රජය විසින් මේ වන විට උතුරු කරය සදහා අඛණ්ඩව ඇඳිරි නීතිය පනවා ඇති බැවින් එහි ජීවත් වන ජනතාව විශේෂයෙන්ම අඩු ආදායම්ලාභි පවුල් දැඩි ලෙසින් ආර්ථික පීඩනයකට මුහුණ දෙන බැවින් ඔවුන්ගේ ඔවුන් ජීවත්විම පිණිස විශාල අරගලයක නිරතව සිටින බවත් මේ නිසා ඔවුන් කෙරෙහි අවධානය යොමු කරණ ලෙසත් ප්‍රාදේශීය සභවේ සභාපතිවරයා පෙන්වා දෙයි.

මේ නිසා මෙම වසරේ මාර්තු මාසයේ සිට ඉදිරි මාස හයක කාලයක් සඳහා උතුරේ ජනතාවට ලබා දෙන ජලය හා විදුලිය සඳහා මුදල් අය කර නොගන්නා ලෙසත් මුජාහීර් ඉල්ලා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස