ඇඳිරි නීතිය ගෙනාවේ දෙමළ ජනතාවට එරෙහිව නෙමෙයි, ජනතාවගේ ආහාර අයිතිය රකින්න…!

September 9, 2021 at 11:50 pm | by emanisa.lk

මහජන ආරක්ෂක පනත යටතේ අත්‍යවශ්‍ය සේවා සැපයීම සඳහා හදිසි නීතිය රජය විසින් ගෙනවිත් ඇත්තේ ජනතාවගේ උද්ඝෝෂණ හෝ භාෂණයේ අයිතිය සීමා කිරීමට නොව ජනතාවගේ ආහාර අයිතිය ලබා දීමට බව මානව හිමිකම් කොමිසමේ හිටපු සභාපති මහාචාර්ය ප්‍රතිභා මහානාමහේවා අවධාරණය කරයි.

ඒ, අද (09) කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහෙත් මේ වන විට එම හදිසි නීති රෙගුලාසි හරහා දෙමළ ජනතාව අත්අඩංගුවට ගැනීමේ සූදානමකට සැරසෙන බවට වැරදි සන්නිවේදනයක් යමින් තිබෙන අතර එය නිවැරදි කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය කටයුතු කළ යුතුව ඇති බවයි මහානාමහේවා මහතා පැවසුවේ.

ඒ අනුව විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් සියළුම තානාපතිවරු දැනුවත් කිරීම කළ යුතුව තිබෙන බව ඔහු සඳහන් කළේය.

මෙම කාරණය නුදුරේදී ආරම්භ කිරීමට නියමිත මානව හිමිකම් කවුන්සිල සැසි වාරයේදී ද සාකච්ජාවට ගැනෙනු ඇති බවත් ඔහු පවසන ලදී.

”මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී මෙය අනිවාර්යයෙන් කතාබහට ලක්වෙයි. මොකද බටහිර බලාගෙන ඉන්නේ මොනවා හරි නීතියක් ගෙනාපු ගමන් එකෙන් ජනතාවගේ උද්ඝෝෂණ අයිතිය භාෂණයේ අයිතිය ආදිය සීමා වෙනවාද  කියල බලන්න. නමුත් 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ එම අයිතීන් ඉතාම පැහැදිලිව තියෙනවා. එයට හදිසි නීතියේ සම්බන්ධයක් ඇතිකරගත යුතු නැහැ. 1966 සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් සම්මුතියේ පවා සීමා සහිතව දීල තියෙනවා. හදිසි නිතිය ක්‍රියාත්මක වෙන්නේ 1978 ව්‍යවස්ථාවේ දීලා තියෙන මුලික මිනිස් අයිතිවාසිකම්වලට යටත්ව.”

මේ වන විට අත්‍යවශ්‍ය සේවා යටතේ හදිසි නිතිය ක්‍රියාත්මක කර එම නීති බලාත්මක කිරීමට කොමසාරිස් ජනරාල්වරයෙක් පත්කර තිබෙන්නේ ජනතාවගේ ආහාර අයිතිය ආරක්ෂා කිරීමට බව මහානාම හේවා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස