ආසියාවේ සංචාරයට සුදුසු ම රට ශ්‍රී ලංකාවයි..! කොවිඩ් මැදින් නැඟෙන රටට ලෝකයෙන් තල්ලුවක්..!

January 14, 2022 at 6:38 pm | by emanisa.lk

ලෝක සංචාරක කවුන්සිලය ආසියානු කලාපයේ සංචාරයට සුදුසු ආරක්ෂිතම රට ලෙස ශ්‍රී ලංකාව නම්කර ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි සභාපතිනි කිමාලි ප්‍රනාන්දු පවසයි.

එය විශාල ජයග්‍රහණයක් බව ද ඇය සඳහන් කළාය.

මේ අතර රට විවෘත කිරීමෙන් පසු ගතවූ මාස තුනේ දී සංචාරකයන්ගේ පැමිණීම ශීඝ්‍ර ලෙස වර්ධනය වූ බව පැවසූ සභාපතිනිය ගතවූ දින එකොළහේදී සංචාරකයන් 31, 688ක් මෙරටට පැමිණ ඇතැයිද පැවසුවාය.

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සංචාරකයන් 22,771ක්ද නොවැම්බර් මාසයේදී මාසයේදී සංචාරකයන් 44,294 ක්ද දෙසැම්බර් මාසයේදී සංචාරකයන් 31,688ක්ද මෙරටට පැමිණ ඇතැයි සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *