ආර්ථික වර්ධන වේගය 3%ක් කර මහ බැංකු අධිපති ගෙදර යයි!

July 14, 2019 at 8:07 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයට පෙර තමන් මහ බැංකු අධිපති තනතුරෙන් ඉවත් වන බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා තීරණය කර ඇතැයි විශ්වාස කටයුතු රජයේ ආරංචි මාර්ග කියයි.

ඉතාමත් පෞද්ගලික හේතු ගණනාවක් නිසා තවදුරටත් තමන්ට මෙම වගකීම දැරිය නොහැකි බැවින් තනතුර අත්හැරීමට අපේක්ෂා කරන බවද ඔහු සඳහන් කර ඇත. ඒ අනුව ලබන ඔක්තෝබර් මාසයට පෙර ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් වනු ඇතැයි කියැවේ.

මෙයට පෙරද ඔහු අවස්ථා ගණනාවකදී තනතුරෙන් ඉවත් වීමට කැමැත්ත ප්‍රකාශ කළද රජයේ ඉල්ලීම මත තනතුරේ රැඳී සිටියේය.

ඉන්ද්‍රජිත් කුමාරස්වාමී මහ බැංකු අධිපති ධුරයට පත් වූයේ අර්ජුන් මහේන්ද්‍රන්ට පසු 2016 ජුලි මසය. එතැන් 2015 සිට අඛණ්ඩව පහත වැටුණු ආර්ථික වර්ධන වේගය පාලනය කරගැනීමට ඔහුට හැකි වූයේ නැත.

2014 වන විට ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 7.2ක්  විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *