ආරක්ෂක අංශවලට රෝහල් සේවකයන්ට නිල ඇඳුමක් අඳින්න පුළුවන් නම් අනිත් අයට බැරි ඇයිදැයි රාජ්‍ය පරිපාලන ලේකම් අසයි! ඒවා අදාළ නෑ වහාම චක්‍රලේඛය අහෝසි කරනු පාස්කු කමිටුව ගුගුරයි! (video)

June 14, 2019 at 10:07 am | by emanisa.lk

කාර්යාල පරිශ්‍රවල ආරක්ෂාව උදෙසා රාජ්‍ය නිලධාරීන්ට අදාළ ඇඳුම් චක්‍රලේඛය නිකුත් කළේ ඇමතිවරයාගේ අනුදැනුම ඇතිව බවත් ඒ පිළිබඳ කිසිවකු පැමිණි කර නොමැති බවත් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ රත්නසිරි පවසයි.

රාජ්‍ය සේවයට ආගමික ජාතික වාර්ගික පදනම් සලකා චක්‍රලේඛ නිකුත් නොකරන බවත් ආරක්ෂක හමුදාවට හෝ රෝහල්වල සේවයට බැඳුණු විට ජාති ආගම් භේදයකින් තොරව සියලු දෙනා අදාළ නිළ ඇඳුම අඳින බවත් ඔහු පෙන්වා දුන්නේය.

එසේම දැනට රාජ්‍ය සේවකයන් පුහුණු කරන SLIDA ආයතනයේ සියලු දෙනා සාරිය හැඳ පුහුණුවට පැමිණෙන බවත් කිසිදු ගැටලුවක් තමන්ට වාර්තා වී නැති බවත් ඔහු පවසයි.

කෙසේ වුවද පාස්කු ප්‍රහාර කාරක සභාව දිගින් දිගටම ආවේගශීලීව තර්ක කළේ එමගින් ජන කොටසකගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වන බවය. එහෙයින් එම චක්‍රලේඛය ඉවත් කර රාජ්‍ය සේවකයන්ට ඕනෑම ඇඳුමකින් සැරසී සේවයට වාර්තා කිරීමට ඉඩ දිය යුතු බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *