ආණ්ඩු විරෝධී විරෝධතාවලට නොමිලේ බස් දෙනවා…! – ගැමුණු…

May 3, 2022 at 4:50 pm | by emanisa.lk

රජයට එරෙහි සාමකාමී විරෝධතාවල නිරත වන තරුණ පිරිස් සදහා නොමිලේ බස්රථ ලබා දීමට පියවර ගන්නා බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති ගැමුණු විජේරත්න අද (03) කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් පැවසුවේ සාමකාමී විරෝධතාවල නිරතවන තරුණ පිරිස් වෙනුවෙන් දිවයිනේ ඔ්නෑම ස්ථානයකින් කිසිදු ගාස්තුවක් අය නොකර බස් රථ ලබාදීමට තමා උපදෙස් දී ඇති බවයි.

මීට අමතරව රජයට විරෝධය පල කරමින් ඉදිරි දිනක පාර්ලිමේන්තු සංකීර්ණය අවට මාර්ග බස්රථ යොදවා අවහිර කිරීමට සංගමය තීන්දුවක් ගෙන ඇති බවයි.

මේ අතර ලබන 6 වැනි සිකුරාදා පවත්වන හර්තාල් ව්‍යාපාරයට සහයෝගය ලබා දෙන්නේ ද යන්න මෙතෙක් තීන්දුවක් ගෙන නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය වැඩි දුරටත් පැවසීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *