ආණ්ඩු පෙරළන අරගලවලට ආයේ ඉඩ නෑ…! හදිසි නීතිය යටතේ හමුදා යොදවනවා..! – ජනපති..

November 23, 2022 at 6:22 pm | by emanisa.lk

තවත් අරගලයකට ඉඩ නොතබන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (23) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

ජනාධිපතිවරයා එහිදී පෙන්වා දුන්නේ යළිත් අරගලයක් ආරම්භ වුවහොත් හමුදාව යොදවා හදිසි නීතිය පනවා එය නතර කරන බවය.

“කවුද මේක පිටිපස්සේ හිටියේ. කුමාර් ගුණරත්නම් සහ පෙරටුගාමී සංවිධානයයි.

අපි 21 සම්මත කරගත්තා. ඒකෙදි බොහෝ දෙනෙක් කිව්වා. දැන් එහෙනම් බැසිල් රාජපක්ෂ මහතා පිටවෙලා යන්න ඕනේ කියලා. මොකද එයාගේ ද්විත්ව පුරවැසිභාවය නිසා. හරි ඒක අපි පිළිගමුකෝ.

එහෙනම් කොහොමද පෙරටුගාමියෙක් කියන්නේ. ඒ කෙනාත් ද්විත්ව පුරවැසියෙක් නේ. ඔස්ට්‍රේලියාවෙයි මෙහෙයි දෙකේම. මෙයා නරක වෙලා එයා හොඳ වෙන්න බැහැ.

එහෙනම් අපි බලය දෙන්න ඉන්නේ. ද්විත්ව පුරවැසිකම තියෙන කෙනෙක්ට. බැසිල් රාජපක්ෂට විරුද්ධව චෝදනා තියෙනවා කිව්වා. මම අගමැති ධුරයේ ඉන්නකොට රිමාන්ඩ් එකෙත් හිටියා.

අපේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරු නැහැ.. මොකක්ද මෙයාට විරුද්ධව තියෙන්නේ. උතුරේ යුද්ධය කාලයේ ඉන්දියන් සාම හමුදාවේ මිනිස්සු මැරුවා කියලා. මේකයි අපේ විමුක්තිය.

මෙයා ඇවිත් කොහොමද ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ. තරුණ භික්ෂූන් වහන්සේලා ලව්වා පන්සල්වලට තර්ජනය කළා. සමහර තැන්වල ඔබ වහන්සේ අයින්වෙලා අපිට නායකකම දෙන්න කියලා.

“කතෝලික රදගුරු සභාවත් කිව්වා අපි ප්‍රචණ්ඩත්වයට විරුද්ධයි කියලා. ඒත් හිතනවා නම් තව අරගලයක් කරන්න පුළුවන් කියලා.. පාරේ යනවා කියලා පර්මිට් නැතුව.. ඒක නවත්වන්න ඕනේ. ඒක පොලීසියට කියලා තියෙනවා.

තව අරගලයක් ඇති කරනවා ලු ආණ්ඩුව වෙනස් කරන්න. මම ඒකට ඉඩ දෙන්නේ නැහැ. හමුදාව යොදවනවා. හදිසි නීතිය දානවා. කරන්න දෙන්නේ නැහැ. ඩීන්ඩියම්ලට තැනක් නැහැ මේ රටේ. රට ස්ථාවර වන තුරු පාර්ලිමේන්තුව විසිරුවා හරින්නෙත් නෑ.

ඉතින් කුමාර් ගුණරත්නම් එක්ක කවුද යන්නේ දැන්. රටේ මිනිස්සු දැන් ඒගොල්ලෝ එක්ක නැහැනේ. මාධ්‍යයෙන් හැදුවට. දැන් හැදුව මාධ්‍යයත් කවුද කියලා බලමුකෝ. ගිනි තියන්න කිව්වේ කොයි මාධ්‍යයද කියලා බලමුකෝ. ඒකට මම කොමිෂන් සභාවක් පත්කරන්න ඉන්නේ.

විපක්ෂ නායක තුමා කිව්වා පාඩු ලබන ඒවා විකුණන්න. ලාභ ලබන ඒවා කුණු කොල්ලයට විකුණන්න එපා කියලා. මේ රටේ පුද්ගලීකරණය කරන එක පටන් ගත්තේ ප්‍රේමදාස ජනාධිපතිතුමා යටතේ. මමයි ඒක ආරම්භ කළේ කර්මාන්ත ඇමති හැටියට.

අපි පළමුවෙන්ම විකුණුවේ යුනයිටඩ් මෝටස්. ලාභ ලබන ආයතනයක්. දෙවනුව සිලෝන් ඔක්සිජන්. ලෙදර් කෝපරේෂන්. ටයර් කෝපරේෂන්. ලංකා මිල්ක් ෆුඩ්. මේ ඔක්කොම ලාභ ලබපු ඒවා. ඊළඟට වැවිලි සමාගම්.

77 ජයවර්ධන මැතිතුමා ආර්ථිකය විවෘත කළා. ප්‍රේමදාස 89 ඊළඟ පියවර ගත්තා. ඒ තමයි රජයේ පාලනය ඉවත් කරන්න. සමහර අංශ පුද්ගලික අංශයට භාර දෙන්න. මේක අපි උදාහරණයක් කරගත්තේ චීනයෙන්. දැනුත් බලන්නේ ඒක කරන්න. අපි බැලුවේ ලාභ ලබන ඒවා කරන්න.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස