ආණ්ඩුව රංජන්ට අනුකම්පා කිරීම කුමන්ත්‍රණයක්…! මේ හදන්නේ ආණ්ඩුව ජනප්‍රිය වෙන්න…! – හේෂා…

April 7, 2021 at 5:53 pm | by emanisa.lk

රට තුළ මේ වනවිට මතුවී තිබෙන ගැටලු වසා ගැනීමට ආණ්ඩුව රංජන් රාමනායක කෙරෙහි විශාල අනුකම්පාවකින් කටයුතු කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ පවසයි.

“මේ රටේ ජනතාවගේ අවධානය වෙනත් දිශාවකට අරන් යන්න උත්සාහ කරමින් ඉන්නවා. රටේ තියෙනවා මහා විශාල ගැටලු ටිකක්.

මිනිස්සුන්ට අවුරුදු සමරන්න නෙමෙයි, තුන්වේල කන්න බැරි ගැටලුව වහගන්න වෙන මාතෘකාවකට ආණ්ඩුව රන්ජන් රාමනායකගේ සිද්ධිය ගෙනියන්න උත්සාහ කරනවා.

නැත්නම් හිටි හැටියේම රන්ජන් ගැන මහා විශාල අනුකම්පාවක් පහළවීමට ආණ්ඩුවට හේතුවක් නෑ. ආණ්ඩුව මේ වන විට සමාජය තුළ අප්‍රසාදයට පත්වෙලා තියෙන එකට යම් ශක්තියක් ගන්න රන්ජන් ගැන අනුකම්පාවක් පළ කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *