ආණ්ඩුව දුම්රිය අත්‍යවශ්‍ය සේවාවක් කරයි! සේවකයෝ අදත් මැදියම් රෑ සිට වර්ජනයේ!

June 27, 2019 at 1:37 pm | by emanisa.lk

සිය ගැටලුවලට විසඳුම් ලැබෙන තෙක් සෑම බ්‍රහස්පතින්දා දිනකම මධ්‍යම රාත්‍රියේ සිට එක්දින වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කිරීමට ගත් තීරණයට අනුව දුම්රිය වෘත්තිය සමිති අදත් (27) මධ්‍යම රාත්‍රියේ සිට පැය 24 ක සංකේත වර්ජනයක් ආරම්භ කිරීමට නියමිතය.

මෙම වර්ජනය මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ප්‍රකාශ කළ ද මධ්‍යම රාත්‍රීයට පෙර ගමනාන්තය කරා ළඟා විය නොහැකි දුම්රිය ගමන් වාර ද අවලංගු කරනු ඇත.

මේ අතර දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ප්‍රවාහන අමාත්‍ය අර්ජුන රණතුංග ඊයේ අත්සන් කළ අතර ඊට අදාළ ගැසට් නිවේදනය අද නිකුත් විය.

ප්‍රවාහන අමාත්‍යංශය පැවසුවේ, විශ්‍රාමික නිලධාරීන් දුම්රිය සේවයට යළි බඳවා ගැනීමට තීරණය කර ඇති බවය. මේ යටතේ විශ්‍රාමික එන්ජින් රියැදුරන්, නියාමකයින්, ස්ථානාධිපතිවරුන්, සංඥා පරීක්ෂකයින් සහ මාර්ග පරීක්ෂකයින් යළි සේවයට එක් කිරීමට තීරණය කර තිබේ.

අදාළ බඳවා ගැනීම සඳහා හෙට (28) නාරාහේන්පිට ශාලිකා ශාලාව වෙත පැමිණෙන්නැයි ප්‍රවාහන අමාත්‍යංශය විශ්‍රාමික නිලධාරීන්ට දැනුම් දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස