ජාතික කොංග්‍රස් පාර්ලිමේන්තු මන්ත්‍රී ALM අතවුල්ලා අද (22) පාර්ලිමේන්තු සභා ගැබෙන් ඉවත් කර තිබේ.
ඔහු අද ඇඳගෙන ආ ඇඳුම ස්ථාවර නියෝගවලට පටහැනි බව පාර්ලිමේන්තු නිලධාරින් විසින් පෙන්වා තිබිණි.
අත් රහිත කබායක් සහ වෙනත් වර්ණ කමිසයකින් සැරසී පාර්ලිමේන්තුවට පැමිණි මන්ත‍්‍රීවරයාට සබා ගැබෙන් ඉවත් වන්නැයි නිලධාරීන් පැවසුව ද ඔහු මුලින් ඊට එකඟ නොවීය.
කෙසේ වුවද විපක්ෂයේ නලින් බණ්ඩාර මෙය පාර්ලිමේන්තු සම්ප්‍රදායට එරෙහි බව සඳහන් කරමින් විරෝධය පෑ අතර කතානායකවරයා පැවසුවේ එය ඔහුගේ ජාතික ඇඳුම බවය. එවිට එස්.එම්. මරික්කාර් විමසා සිටියේ එය ඇෆ්ගන් ජාතික ඇඳුම බවය.
කෙසේ වුව ද අතාවුල්ලා පසුව සභා ගැබින් ඉවත් වී ගියේය.