සූත්‍රය අනුව නම් තෙල් මිල වැඩි කරන්න ඕන! නමුත් අවුරුදු සහනයක් විදිහට මෙවර වැඩි කරන්නේ නෑ! – ඇමති මංගල

April 11, 2019 at 6:24 am | by admin

මිල සූත්‍රය අනුව ඉන්ධන මිල ඉහළ නැංවිය යුතු වුව ද, මෙම උත්සව සමයේ දී ජනතාවට සහන සැලසීම සඳහා ඉන්ධන මිල ඉහළ නොදමන බව අමාත්‍ය මංගල සමරවීර පවසයි.

ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල අඛණ්ඩව ඉහළ යමින් පවතින අතර පසුගිය මාර්තු මාසයේ ඇ.ඩො. 67ක්ව පැවැති බොර තෙල් බැරලයක මිල අද වන විට ඇ.ඩො. 74 දක්වා ඉහළ ගොස් තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *