අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට භාරදීම පිළිබඳ කොළ එළියක්…

December 3, 2020 at 7:49 am | by emanisa.lk

මහා බැංකු හිටපු අධිපති අර්ජුන මහේන්ද්‍රන් පිළිබඳ නීතිපතිවරයාගෙන් ඉදිරි දින දෙක ඇතුළත වාර්තාවක් ලැබෙනු ඇතැයි අධිකරණ ඇමැති අලි සබ්රි ඊයේ (02) පාර්ලිමේන්තුවේ දී පැවැසුවේ ය.

“අර්ජුන් මහේන්ද්‍රන් ලංකාවට ගේන්න වත්මන් රජය සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළා. ඒ පිළිබඳ තොරතුරු ලැබී තිබෙනවා ද?”යි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රීවරයා විමසා සිටියේ ය.

“ඒ ගැන ලිඛිතව නීතිපතිවරයාගෙන් වාර්තාවක් ඉල්ලා තිබෙනවා. ඒක අද හෝ හෙට ලැබේවි. ඉන්පසු කතානායකවරයාගේ අවසරය මත මම ඒක පාර්ලිමේන්තුවට දැනුම් දෙන්නම්. මේ සම්බන්ධයෙන් යම් සංවර්ධනාත්මක දෙයක් සිදුව තිබෙන බවට තොරතුරු ලැබුණා.” යැයි අලි සබ්රි ඇමැතිවරයා පැවැසුවේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *