අරගලයේ අරමුණ හොරු අල්ලනය සමගි ආණ්ඩුවක් ගොඩනැඟීමයි…! – සජිත්…

April 29, 2022 at 10:20 am | by emanisa.lk

පොදු ජන අරගලයේ අවසන් අරමුණ රට පුරා පොදු ජන යාත්‍රා ක්‍රියාත්මක කර සමඟි ජන බලවේගයේ සමඟි සන්ධානයේ පොදු ජන ආණ්ඩුව බිහි කිරීම බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

සමඟි ජන බලවේගය ක්‍රියාත්මක කරන විරෝධතා පා ගමනේ තෙවැනි දිනය ඊයේ (28) ගලිගමුවෙන් ආරම්භ කරමින් විපක්ෂ නායකවරයා මේ බව කීවේය.

අද ආණ්ඩුව අලුත්ම ටෙලි නාට්‍යයක් රඟ දක්වමින් සිටින බවත් ජනතාව පාරේ දුක් විඳිමින් සිටින බවත් හෙතෙම කීවේය.

“මේ සජිත් ප්‍රේමදාස කිසිම කෙනෙක් සමඟ කොටවන්න කාටවත් බැහැ. හැබැයි මම එක දෙයක් කියලා තියෙනවා.

දියුණු වූ රටක හොරු අල්ලන්න තනියෙන් හිට ගන්න පුළුවන් ආණ්ඩු වෙනස් වෙනකොට වෙනස් නොවෙන ප්‍රබුද්ධ ප්‍රශස්ත රාජ්‍ය ආයතන ස්වාධීනව පිහිටුවා ගත යුතුයි.

ඒ දූෂණ වංචා මැඬලන ඒ ආයතන පාර්ලිමේන්තුවේ අණ පනත්වලින් වෙනස් කරන්නට බැරි වන ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අපි ස්ථාපනය කරනවා.

ඒවා වෙනස් කරන්න නම් තුනෙන් දෙකක් ඕනෑ. ජනමත විචාරණයකුත් ඕනෑ. මේ රටේ මිනිස්සුන්ගේ ඩොලර් ටික, පවුම් ටික, රාජ්‍ය දේපොළ ජනතාවට ආපසු ලබා දෙන යුගයක් අනිවාර්යයෙන්ම අපි ඉදිරියේදී බිහි කරනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *