අයියා පාස්කු ප්‍රහාරයට කොටු කරන්න කුමන්ත්‍රණයක් තියෙනවා!…ඒව කොහෙද…! කරල බලමු…! දැන් ඉන්න අය වන්දිය ගෙවන්න සූදානම් වෙන්න…! – ඩඩ්ලි සිරිසේන

February 23, 2021 at 8:09 am | by emanisa.lk

තම සහෝදරයා වන හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා කොටු කරන කුමන්ත්‍රණයක් ඇතැයි පැහැදිලිව පෙනී යන බව ‍ප‍්‍රකට ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන සඳහන් කරයි.

‘එහෙම කොහෙද.. පුළුවන් නම් කරල බලමු.. අපි ලෑස්තියි’ යනුවෙන්ද ඔහු අවධාරණයෙන් කියා සිටියේය.

ඔහුට දඬුවම් ලබා දෙන්නේ නම් ජේ.ආර්.ජයවර්ධනගේ සිට සියලු නායකයින්ට සිරදඬුවම් ලබාදිය යුතු බවත් ඩඩ්ලි සඳහන් කරයි.

එසේ ම තම සොහොයුරාට දඬුවම් ලබා දෙන්නේ නම් ඊළඟ නායකයින් ද අනාගතයේ ඒ ඉරණමට සූදානමින් සිටිය යුතු බවටත් ඔහු අනතුරු ඇඟෙව්වේ ය.

ඔහු මේ බව කියාසිටියේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්ඡාවකට එක් වෙමිනි.

ඉදිරියේදී විශාල හාල් හිඟයක් ඇති වන බව තමන් වේලාසන ම සඳහන් කරන බව ද පවසන ඔහු වත්මන් ආණ්ඩුවේ ඇමතිවරුන්ට පිස්සු යයි ද සඳහන් කරයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස