පාස්කු කොමිසම පාරාවළල්ලක් වෙයි…! මෛත්‍රීගේ ප්‍රජා අයිතිය වසර 07කට අහෝසි කරන්න නිර්දේශ…!

February 13, 2021 at 11:58 am | by emanisa.lk

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රජා අයිතිය වසර 7කට අහෝසිකළ යුතු බවට වූ නිර්දේශයක් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත්ව ඇතැයි වාර්තාවේ.

2019 අප්‍රේල් 21 වන දින සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ම පත් කරන ලද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ අවසාන වාර්තාවෙන් එම නිර්දේශය ඉදිරිපත්ව ඇතැයි ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාර මාලාව විමර්ශනය කර වාර්තා කිරීම සහ ඉන් අනාවරණය වන තොරතුරු අනුව අවශ්‍ය ක්‍රියාමාර්ග නිර්දේශ කිරීම පිණිස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් 2019 සැප්තැම්බර් 22 වන දා කොමිසම පත්කරනු ලැබීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *