අයවැයෙන් විදුලි වාහන බදු අඩු කරන බොරුව මාධ්‍ය හමුවක දී මංගලගේ අතේ පත්තු වෙයි! (video)

March 8, 2019 at 7:46 am | by admin

මෙවර අයවැයෙන් සියලු රථ වාහනවල බදු ඉහළ දමන අතර විදුලි වාහනවල බදු අඩු කරන බව මුදල් ඇමති මංගල සමරවීර අයවැය ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේය. ඒ අනුව කිලෝවොට් 70 ධාරිතාව සහිත විදුලි මෝටර් රථ සඳහා බද්ද රු. 175,000 කින් අඩු කිරීමට යෝජනා කර ඇත.

එහෙත් ආනයනයට කිලෝවොට් 100 සහ 110ට අඩු විදුලි මෝටර් රථ නොමැති බවත් මේ වන විට ආනයනය කරන්නේ කිලෝවොට් 110 ධාරිතාව සහිත විදුලි මෝටර් රථ බවත් ඊයේ (07) මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදියකු විසින් පෙන්වා දෙන ලදි. එහෙයින් මෙම බදු අඩු කිරීම කිසිදු ප්‍රතිඵලයක් නොමැති අතර එය අයවැය පරිසර හිතකාමී කරන සුන්දර සැරසිල්ලක් පමණි.

මේ ප්‍රශ්නය නැඟීමත් සමග මුදල් අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ඇමතිවරයා ද අපහසුතාවට පත් වූ අතර ඒ පිළිබඳ සොයා බලන බව පවසමින් ඇමතිවරයා මගහැර ගියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස