අපේ ආණ්ඩුවේ පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන්න කාලේ හරි! රට ගොඩගන්න නම් 18 සහ 19 සංශෝධන දෙකම අහෝසි කළ යුතුයි! – ජනපති (video)

June 23, 2019 at 4:45 pm | by emanisa.lk

අනාගතයේ යහපත් රටක් ගොඩනැඟීමට නම් ඒකාධිපති 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය සේ ම රට අස්ථාවර කළ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ද අහෝසි කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ආවේ 18 වෙනි සංශෝධනය ඔස්සේ බිහි කළ රාජාණ්ඩු පාලනය අහෝසි කිරීමට වුවත් ඒ සඳහා ගෙන ආ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනය නිසා රට අස්ථාවර වූ බවත් තමන් ගොඩනැඟූ ආණ්ඩුවට තව ඇත්තේ මාස 4-5ක කාලයක් බවත් එම ආණ්ඩුවේ අඩුපාඩු පිළිගනිමින් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට කාලය හරි බවත් හෙතෙම ප්‍රකාශ කළේය.

ජනාධිපති සහ අගමැති අතර ගැටුමක් ඇති වූයේ 19 වෙනි සංශෝධනය නිසා බවත් ඒ නිසා රට අරාජික වූ බවත් පැවසූ ජනාධිපතිවරයා 19 වෙනි සංශෝධනය නොවන්නට පසුගිය වසර හතරහමාරක කාලය විශිෂ්ට කාලයක් වන බව ද පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අගමැතිවරයා ද සහභාගී වූ උත්සව සභාවකය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස