අපි ‍සෝෆා ගිවිසුම ගැහුවාම ඇමරිකන් සොල්දාදුවන්ට ආයුධ අරන් ලංකාවට එන්න පුළුවන්! – කිරිඇල්ල (video)

May 24, 2019 at 3:55 pm | by admin

එජාපය ඇමරිකාව සමග එළඹීමට යන සෝෆා ගිවිසුම අනුව ඇමරිකානු හමුදාවට ආයුධ රැගන ලංකාවට පැමිණීමට ලංකාවේ සන්නිවේදන ජාලයක් පවත්වා ගෙන යාමට හැකියාව ලැබෙන බව පවසන ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක කිසියම් රටක් තුළ ආයුධ සහිතව ක්‍රියාත්මක විය හැක්කේ එක හමුදාවකට පමණක් බව පෙන්වා දෙයි.

මෙම ගිවිසුම අනුව ලංකාවට පැමිණෙන ඇමරිකානු නෞකා පරික්ෂා කළ නොහැකි අතර ඔවුන් ගෙන එන භාණ්ඩ සම්පූර්ණයෙන් බදුවලින් නිදහස්ය. ඇමරිකානු හමුදාවට නිල ඇඳුමින් ආයුධ සහිතව සිය හැඳුනුම්පත උපයෝගී කරගෙන ලංකාවට පැමිණීමට හැකි බවත් මන්ත්‍රීවරයා පවසයි. එසේම එම පිරිස් සඳහා තානාපති වරප්‍රසාදවලට වඩා අයිතිවාසිකම් හිමි වෙයි.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල පවසන්නේ මේවා මිලිටරි සේවා නොව සිවිල් සේවා බවත් හමුදා සෙබළුන් ආයුධ නොමැතිව පැමිණෙන්නේ නැති බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස