අපි තරුණ කාලේ හෙරොයින් කොකේන් තිබුණේ නෑ අප්පා! වෛද්‍ය උපදෙස් නිසා සිගරට් බීමත් නතර කළා- මැකො

February 21, 2019 at 2:57 pm | by admin

තමන් තරුණ සමයේ හෙරොයින් කොකේන් නොතිබුණු බවත් එහෙයින් තමන් ඊට පුරුදු නොවූ බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පවසයි. මීට පෙර තමා සිගරට් පානය කළ බවත් වෛද්‍ය උපදෙස් මත එය අතහැර දැමූ බවත් හෙතෙම පවසයි.

ගාල්ල ප්‍රදේශයේ පැවති සම්මන්ත්‍රණයකදී නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් ඒ මහතා මේ පිළිබඳව අදහස් පල කළේය.

මෙහිදී මාධ්‍ය වේදියෙක් විසින් “සාමාන්‍යයෙන් රුධිර සාම්පල වාර්තාවක් ලබා ගන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන්නේ නැහැ කියලා? “ යනුවෙන් මහින්ද දේශප්‍රිය මහතාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එවිට පිළිතුරු වශයෙන් කියා සිටියේ, මෙය බොළඳ තර්කයක් වන බවත්, එලෙස මත්ද්‍රව්‍ය භාවිතා කිරීමට නීතියෙන් වරදක් නම් ලංකාවේ කිසිම පුද්ගලයෙකුට මත්පැන් පානය කළ නොහැකි බවත්ය.

මත්ද්‍රව්‍ය ලංකාවේ ඇති පළමු ප්‍රශ්නය නොවන බවත් අපරාධ වැරදිවලට වැරදිකරුවන් වුවන්ට මහජන නියෝජිතයින් ලෙස පෙනී සිටීමට ඉඩ දීම වැනි තවත් බොහෝ වැරදි සිදුවන බව ද පවසන ඔහු තමා කිසිසේත් මත්ද්‍රව්‍යවලට පක්ෂ කෙනෙක් නොවන බවත් පැවසීය.

මත්ද්‍රව්‍ය නොගැනීම හොඳයි කියනවා මිසක් මත්ද්‍රව්‍ය පාවිච්චි කරන පුද්ගලයා මරා දැමිය යුතු යැයි කියන තර්කයේ තමා නොමැති බව ද මහින්ද දේශප්‍රිය වැඩිදුරටත් සඳහන් කළේය.

කෙසේ වුවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මිස මත් ද්‍රව්‍ය භාවිත කරන අයට මරණ දඬුවම පනවන බවක් නොවේ.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස