අපි කියන විදිහට වැඩ නොකළොත් ආණ්ඩුවට තනි රකින්න සූදානම් නෑ…! – පොහොට්ටු මන්ත්‍රී…

May 31, 2023 at 9:32 am | by emanisa.lk

ජනාධිපතිවරයා පත් කිරීමට කැපවීම් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අදහස් හා යෝජනා නොසලකා කටයුතු කළහොත් ආණ්ඩුවට ඉදිරියට යා නොහැකි බව හිටපු අමාත්‍ය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක පවසයි.

දිගින් දිගට ම කෙනෙහිලිකම් සිදුවන්නේ නම් ඒ සියල්ල දරාගෙන ආණ්ඩුවට තනි රැකීමට සූදානම් නැති බවත් හෙතෙම අවධාරණය කරයි.

“මේ ජනාධිපතිතුමා,ආණ්ඩුව බලයට ගේන්න පොහොට්ටුව කරපු කැපවීම මම මෙතන අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑ. ඒක මුළු රට ම දන්නවා. ඒත් සමහරුන්ට අද මේ කැපවීම අමතකයි.

අපේ යෝජනා අපේ ප්‍රශ්න ගැන තඹ දොයිතුවකට ගණන් ගන්නේ නැහැ. මේ විදියට දිගටම ගියොත් ආණ්ඩුවට පැවැත්මක් නැති වෙනවා. ඒ ගැනත් අවධානය යොමු කරන්න කියලා මම ඉල්ලනවා” යැයි ඔහු දැනුම්දී ඇත්තේ ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අමාත්‍යවරුන් මන්ත්‍රීවරුන් සහ දිස්ත්‍රික් සංවිධායකවරුන් පිරිසක් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මේ සාකච්ඡාව ජනාධිපති ලේකම් කාර්යාලයේදී ඊයේ (29)පැවැත්විණි.

මේ අතර විමලවීර දිසානායක මන්ත්‍රීවරයා ඊයේ (30)කොළඹදී පැවැති පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දක්වමින් “මේ ආණ්ඩුවෙත් අපි කියන දේවල් ගණන් නොගන්න උද්දච්ච පුබ්බඩ
ඇමැතිවරුත් ඉන්නවා” යැයි ද ප්‍රකාශ කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *