අපි ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් ගෙනැල්ලා බදූර්දීන්ට එරෙහි විශ්වාසභංගය අල කරනවා! – අනුර

May 20, 2019 at 12:32 pm | by admin

රටේ ජනතාවට ආරක්ෂාව ලබාදීමට අණ්ඩුවට හා පාලකයන්ට නොහැකිව තිබෙන බවත්, මේ නිසා ආණ්ඩුවට එරෙහිව හෙට (21දා) විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට භාර දෙන බවත් ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

සියලුම දේශපාලන පක්ෂවලින් මෙම යෝජනාවට සහාය ඉල්ලා සිටින බවත් අද පැවැති මාධ්‍ය හමුවකදී ජවිපේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

පසුගියදා ඒකාබද්ධ විපක්ෂය විසින් ඇමති රිෂාඩ් බදියුදීන්ට පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දුන් බවට චෝදනා කරමින් විශ්වාසභංග යෝජනාවක් ගෙන ආ අතර අනුර දිසානායක ප්‍රකාශ කළේ මේ ආකාරයට මුස්ලිම් නායකයන් පිටමං කිරීම නිසා සහරාන්ලා වැඩි වන බවය.

පාස්කු ප්‍රහාරයේ දී මරාගෙන මැරුණු ඊබ්‍රාහිම් සොහොයුරන් දෙදෙනාගේ පියා වන මොහොමඩ් ඊබ්‍රාහිම් 2015 ජවිපෙ ජාතික ලැයිස්තු මන්ත්‍රී අපේක්ෂකයකු වූ අතර ජවිපෙට මෙන්ම තවුහිද් ජමාත් කල්ලියට අත දිගහැර වියපැහැදම් කර ඇත්තේ ඊබ්‍රාහිම් පවුලය. ප්‍රහාරයට දින 4කට පෙර ඉන්සාෆ් අහමඩ් සිය බැංකු ගිණුමකින් රු. ලක්ෂ 340ක් ගෙන තවුහිද් ජමාත් ත්‍රස්තවාදීන්ගේ ඉදිරි කටයුතු සඳහා සහරාන්ගේ සොහොයුරු රිල්වාන්ට දී තිබිණි.

මේ වන විට දෙමළ සන්ධානයේ බහුතරය බදියුදීන්ට එරෙහි විශ්වාසභංගයට පක්ෂ විය යුතු බව පවසා ඇත. කාවින්ද ජයවර්ධන ඇතුළු එජාප මන්ත්‍රීවරු ද ඊට පක්ෂ වන බව පවසා ඇත. ඇතැම් විට ආණ්ඩුවේ සිටින කතෝලික මන්ත්‍රීවරුන් සියලු දෙනාට ඊට පක්ෂ නොවී නැවත ජනතාව වෙත යාමට නොහැකි තත්ත්වයක් උදාවනු ඇත. එහෙත් මේ ආකාරයට බදියුදීන්ට නොව ආණ්ඩුවටම විශ්වාසභංගයක් ගෙන ආ විට බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය යට යන අතර ආණ්ඩුව තුළ සිටින බදියුදීන් විරෝධීන් ද දෙමළ සන්ධානය ද නිහඬ කළ හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස