අපි අඩුම මිලට විදුලිය ගන්නවා දැකලා විපක්ෂය හොල්මන් වෙලා! – ඇමති රවී (video)

May 31, 2019 at 8:45 pm | by admin

මෙට පෙර කිසිදා නොවූ ආකාරයට තමන් විසින් හදිසි අවස්ථාවක අඩුම මිලට විදුලිය ලබා ගන්නා ආකාරය දැක විපක්ෂය හොල්මන් වී ඇතැයි ඇමති රවී කරුණානායක පවසයි.

මෙම මිලට වඩා අඩු මිලකට විදුලිය ගත හැකි නම් එම යෝජනාව ගෙන එන ලෙස තමා අභියෝග කරන බව ද ඇමතිවරයා ප්‍රකාශ කළේය. විපක්ෂය තමාට එරෙහිව නඩු දාන්නේ ඔවුන්ට වෙන වැඩක් නැති නිසා බව ද ඔහු පෙන්වා දුන්නේය.

කෙසේ වුවද ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරන්නේ විදුලි ඒකකයක් රු. 26කට ලබා ගන්නා බව ප්‍රකාශ කළ ද එම සමාගම් සඳහා ලබා දී ඇති බදු සහන සහ සෙසු වරප්‍රසාද සමග ගණනය කරන විට මෙම විදුලි ඒකකයක් රු. 40ක් පමණ වන බවය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස