අපරාධකාරයින්ට ලංකාවේ කිසි ම ආරක්ෂාවක් නෑ…! කිඹුලාඇළේ ගුණයි බුම්මයි ලංකාවට එවන්න එපා…! – ගුණාගේ නීතීඥයා තමිල්නාඩුවෙන් ඉල්ලයි….

February 6, 2021 at 7:41 am | by emanisa.lk

කිඹුලාඇලේ ගුණා සහ බුම්මා ශ්‍රී ලංකාවට භාර දීමට කටයුතු කළහොත් මාකඳුරේ මධුෂ් මරුමුවට පත් කළ ආකාරයට ඔවුන් දෙදෙනා ද මරා දැමීමට ඉඩ ඇති බැවින් ඔවුන් මෙරටට භාර නොදෙන ලෙස ඉල්ලා නීතිඥවරුන් සහ සංවිධානාත්මක පිරිසක් තමිල්නාඩු ප‍්‍රාන්ත රජයෙන් සහ පොලිසියෙන් ඉල්ලීමක් කර ඇත.

කිඹුලාඇලේ ගුණා වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයකු විසින් සකස් කරන ලද බව කියන ලිපියක් තමිල්නාඩු ප‍්‍රාන්ත රජය වෙත සහ පොලිසියට යවා ඇති බවද වාර්තා වෙයි.

මෙම සංවිධානාත්මක පිරිස විසින් යැවූ ලිපියේ සඳහන් වන්නේ කිඹුලාඇලේ ගුණා සහ බුම්මා ශ්‍රී ලංකාවට භාරදෙනු ලැබුවොත් ඔවුන්ගේ ජීවිත ඉතාම අනාරක්‍ෂිත තත්ත්වයකට පත්වන බවයි.

ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගත් පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට භාරදීමෙන් පසු ඔහු පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වූ බවද එම ලිපියේ සඳහන් කර ඇත.

කිඹුලාඇලේ ගුණා තමිල්නාඩුවේ ප‍්‍රබල දේශපාලනඥයන් කීපදෙනකුම සමීපව ඇසුරු කර ඇති බවත් මොහු එල්. ටී. ටී. ඊ. සංවිධානය සමඟ සම්බන්ධතා පැවැත්වීමත් නිසා ගුණාට ඉන්දියාවේදී විශේෂ වරප‍්‍රසාද හිමිවනු ඇති බව ආරංචි වාර්තා පවසයි.

මේ සම්බන්ධයෙන් උසස් පොලිස් නිලධාරියකු කියා සිටියේ ගුණාගේ ඇති මෙම සම්බන්ධතා නිසා ඔහු ශී‍්‍ර ලංකාවට ලබා ගැනීමේදී ගැටලු රැසක් මතුවීමට ඉඩ ඇති බවයි.

කෙසේ වෙතත් පොලිසිය භාර ඇමැති සරත් වීරසේකර මහතා කියා සිටියේ මෙම පාතාල නායකයන් දෙදෙනා ශී‍්‍ර ලංකාවට ගෙන්වා ගැනීමට තමිල්නාඩු ප‍්‍රාන්ත රජය සහ පොලිසිය සමඟ සාකච්ඡුා කරගෙන යන බවයි.

මාකඳුරේ මධුෂ් මාලිගාවත්තේදී ඝාතනයට ලක්වූයේ සඟවා තිබූ හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේ ප‍්‍රතිවිරුද්ධ පාතාල කල්ලියක සාමාජිකයන් පිරිසක් එල්ල කළ ප‍්‍රහාරයකින්ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස