අපට දිගට ම පොහොට්ටුවෙන් මදිපුංචිකම් වෙනවා…! නමුත් අපි ආණ්ඩුවෙන් නම් යන්නේ නෑ….! – අමරවීර…..

July 3, 2021 at 5:08 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු ආණ්ඩුවේ හවුල්කාර පක්ෂවල මන්ත්‍රීවරුන්ට ඇතැම් ඇමැතිවරුන්ගෙන් හා ප්‍රාදේශීය දේශපාලඥයන්ගෙන් කෙනෙහිලිකම් සිදුවන බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පවසයි.

ඒ ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂයේ නායකයන් සාකච්ඡා කරමින් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුවෙන් යම් යම් මදිපුංචිකම්ද සිදු වී ඇතැයි පැවසූ ඇමැති අමරවීර ජනාධිපතිවරයා හා හා අගමැතිවරයා ඉදිරියේදී මුණගැසී රට ඉදිරියට ගෙන යා හැකි පක්ෂයේ යෝජනාවලිය බාර දෙන බවද ප්‍රකාශ කළේය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ දී පක්ෂයක් හැටියට මිස කිසිවකු පෞද්ගලික තීරණ නොගන්නා බව ද ඔහු පැවසුවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *