අපට ඇල්පිටියෙන් ලැබෙන්නේ ඡන්ද 26%යි! පොහොට්ටුව 50%ක් ගන්නවා! – එජාපය පරාජය භාරගෙන කලින්ම හිත හදා ගනී….

September 6, 2019 at 10:45 am | by emanisa.lk

2018 පැවති පළාත් පාලන මැතිවරණයේ ගාල්ල දිස්ත්‍රික් ඡන්ද ප්‍රතිඵල අනුව ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණට ලබාගත හැක්කේ 26.22%ක් පමණක් බව එජාප අභ්‍යන්තර සාකච්ඡාවක දී පුරෝකථනය කළ බව එජාප හිතැති වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ 49.76%ක් ද එක්සත් ජනතා නිදහස් සන්ධනය 11.75%ක් ද ජනතා විමුක්ති පෙරමුණ 6.17%ක් ඡන්ද ලබා ගනු ඇතැයි ගණනය කර තිබේ.

කෙසේ වුවද මේ වන විට 2018 පෙබරවාරි පැවති තත්ත්වයටත් වඩා රට සෑම අංශයකින්ම පරිහානියට පත්ව ඇති බවත් පාස්කු ප්‍රහාරය සහ මහා පරිමාණ වංචා දූෂණ නිසා ආණ්ඩුවේ ජනප්‍රියභාවය විශාල වශයෙන් පිරිහී ඇති බවත් විචාරකයෝ පවසති.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකත්වයට නම් කර ඇති පසුබිමක එජාප අභ්‍යන්තර ගැටුම් ඔඩුදුවා ඇති පසුබිමක එදා එජාපය, ශ්‍රීලනිපය සහ ජවිපෙ ලද ඡන්ද විශාල ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ලැබෙනු ඇති බව ඔවුන්ගේ අනුමානයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස