අනුරුද්ධ සම්පායෝට දින 29කට පසු ඇප!

August 31, 2020 at 4:03 pm | by emanisa.lk

මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

මීගමුව බන්ධනාගාරයේ සිටි රැඳවියන් පිරිසකට විශේෂ පහසුකම් සැපයීම සහ විවිධ වංචනික කටයුතු කිරීම සම්බන්ධයෙන් හිටපු බන්ධනාගාර අධිකාරිවරයාට සහ තවත් නිලධාරින් තිදෙනෙකුට චෝදනා එල්ල වී තිබුණි.

ඒ අනුව හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ පසුගිය 02 වන දා පොලීසියට භාර වීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගනු ලැබීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස