අනුරාධපුරයට නව ඖෂධ නිෂ්පාදන කලාපයක්…! රටේ ඖෂධ සහ ශල්‍ය උපකරණ අවශ්‍යතාවෙන් 1/3ක් නිපදවන්න සූදානම්…!

March 24, 2021 at 10:42 am | by emanisa.lk

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඔයාමඩුව දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැති භූමියේ නව ඖෂධ සහ ශල්‍ය උපකරණ නිෂ්පාදන කලාපයක් බිහි කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙය පූර්ණ පහසුකම් සහිත නගරයක් ලෙස ඉදිවන අතර කර්මාන්තශාලා 25ක් සඳහා මේ වන විටත් ආයෝජකයන් ඉදිරිපත්ව ඇත.

රජයට හෝ මහා භාණ්ඩාගාරයට බරක් නොවන අයුරින් ව්‍යාපෘතිය දියත් වේ. සමස්ත ආයෝජනය රුපියල් මිලියන 30,000 වන අතර රැකියා අවස්ථා 3000 මේ ව්‍යාපෘතිය ඔස්සේ ජනිත වනු ඇත.

පෙති, කරල්, දියරමය ඖෂධ, එන්නත්, ශල්‍ය උපකරණ, සිරින්ජර, ශල්‍ය ඉඳිකටු හා මැහුම් ද්‍රව්‍ය, බැන්ඩේජ් සහ ප්ලාස්ටර් ඇතුළු නිෂ්පාදන ගණනාවක් සඳහා මෙලෙස කැබිනට් අනුමැතිය ලැබී ඇති අතර මෙම නිෂ්පාදන කලාපය ඉදිකිරීමෙන් පසු එමගින් ශ්‍රී ලංකාවේ ඖෂධ සහ ශල්‍ය උපකරණ අවශ්‍යතාවෙන් තුනෙන් එකක් (1/3) සැපිරෙනු ඇත.

මෙය ඖෂධ නිෂ්පාදන, සැපයුම් සහ නියාමන රාජ්‍ය අමාත්‍යංශය ව්‍යාපෘතිය මෙහෙයවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *