අනුරලා කියන විදිහට යාළුවන්ගෙන් සල්ලි ඉල්ල ගෙන රට ගොඩදාන්න බෑ…! – හර්ෂ ද සිල්වා…

December 21, 2022 at 5:21 pm | by emanisa.lk

රාජ්‍ය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී චීනය ඒ සඳහා ගනු ලබන නිශ්චිත වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් දෙරට අතර තවම සාකච්ඡා කර නොමැති බව සමගි ජන බලවේගයේ භාණ්ඩාගාරික පාර්ලිමේන්තු මන්ත්‍රි ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

ලංකාව ලබන වසරේ කිසිදු පෙර සැලසුමකින් තොරව ගමන් කරන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලැබෙන ණය සහනයද අවිනිශ්චිත බවත් විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී හෙතෙම කීය.

මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද බින්දුව දක්වා අඩු කරනු ලැබුවත් රට අගාධයෙන් ගොඩ ගන්න පුළුවන් යැයි පැවැසීමට නොහැකි බවත් ආදායම් වත්කම්, බැරකම් ප්‍රකාශය මන්ත්‍රීවරුන් 255 අතරින් 10 දෙනකු පමණක් ප්‍රසිද්ධ කර ඇති බවත් ඔහු පැවැසුවේය.

“අනුර කුමාර දිසානායකලා, සුනිල් හඳුන්නෙත්තිලා, විජිත හේරත්ලා, නලින්ද ජයතිස්සලා අපි ඔක්කොම මේ රට වෙනුවෙන් එකට වැඩ කරන පුද්ගලයෝ. මන්ත්‍රිවරු හැටියට ඔවුන් සමඟ මට දැඩි සම්බන්ධතාවක් තියෙනවා.

නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔවුන්ගේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන්. ඒගොල්ලෝ කියන්නේ පිටරටවල ඉන්න කට්ටියට එයාලගේ ආණ්ඩුවක් ආවම සල්ලි එවන්න කියනවා. ඒ වගේම ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ ආවොත් වෙනත් මිත්‍ර රටවලින් ඒ කට්ටියට සල්ලි එවාවි කියලා.

තව ඒ කට්ටිය කියන්නේ සියලු ජනතාව එකතු කරගෙන වැඩ කරනවා කියලා. ඔය කාරණා හැර වෙන මොකුත් කියන්නේ නැහැ. ඒවා ඔක්කොම හොඳයි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔය කරන කාරණා තුනට මේ රට ගොඩගන්න බැහැ. ඒ කට්ටියගේ වැඩපිළිවෙළට වඩා අපේ වැඩපිළිවෙළ වෙනස්.

ඒ වගේම වෙනත් මිත්‍ර රටවලින් ආධාර කරයි කියලා කියනවා. මම අහන්නේ මොන රටවල් ද අපට ආධාර දුන්නේ. ඉන්දියාව විතරයි. ඩොලර් බිලියන 3 දශම අටක් දුන්නා. දැන් ඒගොල්ලෝ කියනවා ඒවා ගෙවන්න කියලා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා එනකොට කට්ටිය කිව්වේ, එයා ඇවිත් සතියෙන් ජපානයෙන් ඩොලර් බිලියන හතරක් දෙනවා කියලා. ඒ කිසි දෙයක් ආවේ නැහැ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *