අන්තවාදීන් පුනරුත්ථාපනයට මුස්ලිම් කවුන්සිලය එරෙහි වෙයි…!

April 9, 2021 at 8:25 am | by emanisa.lk

පාස්කු කොමිෂන් සභාවේ නිර්දේශ අනුව අත්අඩංගුවට ගන්න අන්තවාදීන් පුනරුත්ථාපනය සඳහා ආණ්ඩුව ගත් තීන්දුවට ශ්‍රී ලංකා මුස්ලිම් කවුන්සිලය එරෙහි වී තිබේ.

ඒ අනුව අන්තවාදීන් පුනරුත්ථාපනය සඳහා රජය නිකුත් කළ ගැසට් නිවේදනය අභියෝගයට ලක් කිරීමට මුස්ලිම් කවුන්සිලය නීති උපදෙස් පතා ඇතයි වාර්තා වෙයි.

අන්තවාදීන් ලෙස හඳුනා ගන්නා පුද්ගලයින්ට එම තීන්දුවට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අවස්ථාවක් නොමැති වීම මෙම විරෝධයට හේතු වී තිබේ.

මුස්ලිම් කවුන්සිලයේ සභාපතිවරයා ස්වාධීන මාධ්‍යවේදී අසාම් අමීන්ගේ පියා වන එන්. එම් අමීන්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *