අද මේ රට ආණ්ඩුවක් හරි කැබිනට් මණ්ඩලයක් හරි නෑ! රට කරවන්නේ කුරුඳුවත්තේ පිරිමි ගණිකාවෝ ටිකක්! – විජේදාස රාජපක්ෂ (video)

May 5, 2019 at 10:17 am | by admin

අවුරුදු ගණනක් තිස්සේ මේ රටේ ආණ්ඩුවක් හෝ කැබිනට්ටුවක් නොමැති බවත් එහෙන් මෙහෙන් ඇහිඳගත් කුරුඳුවත්තේ පිරිමි ගණිකාවන් පිරිසක් ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක වනවා මිස අපේ රටේ පාර්ලිමේන්තුව හෝ කැබිනට්ටුව තීරණ නොගන්නා බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ පවසයි.

ඇමති රිෂාඩ් බදූර්දීන්, හිස්බුල්ලා, අසාද් සාලි සහ මුජිබර් රහ්මාන්ගේ සහයෝගය නොමැතිව මෙවැනි ත්‍රස්ත ප්‍රහාරයක් රටට එල්ල කළ නොහැකි බව අවධාරණය කළ මන්ත්‍රීවරයා මේ සියලු අන්තවාදීන් ආරක්ෂා කරන්නේ අගමැති රනිල් වික්‍රමසිංහ බවත් තමා අමාත්‍ය මණ්ඩලයෙන් නෙරපීමට පවා හේතු වූයේ මෙම ත්‍රස්තවාදීන් පිළිබඳ හෙළිදරව් කිරීම බවත් පැවසීය.

2008-9 කාලයේ සිටම බැසිල් රාජපක්ෂ ඇමතිවරයා රිෂාඩ් බදූර්දීන්ට සහ හිස්බුල්ලාට ලබා දුන් බලය දැන් කිසිවකුට ගැලවිය නොහැකි තැනට පත්ව ඇතැයි මන්ත්‍රීවරයා පැවසීය.

ඥානසාර හිමියන්ට සිරගත වීමට සිදුවූයේ ත්‍රස්තවාදීන් මේ රට ලේ විලක් කිරීම වැළැක්වීමට හඬ නැඟුවත් ඒ හඬට කන් දීමට තරම් මොළයක් මේ රටේ පාලකයන්ට නොමැති නිසා සීමාව ඉක්මවා කටයුතු කිරීමට සිදුවීම නිසා බව හෙතෙම පැවසීය.

එළඹෙන වෙසක් පොහොයට පෙර ඥානසාර හිමි නිදහස් කරන ලෙස ජනාධිපතිවරයාට බල කරන බවත් එසේ නොකළහොත් ඊට එරෙහිව ප්‍රබල සංවිධානයක් ගොඩනඟන බව ද පෙන්වා දුන්නේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස