අජිත් පී. සහ පාඨලි අතර මත ගැටුමක්! පාර්ලිමේන්තු සෝලා විදුලි සැලසුම නවතා දමයි!

March 29, 2019 at 9:28 am | by admin

පාර්ලිමේන්තුවට විදුලිය සැපයීම සඳහා දියමත පාවෙන සූර්ය පැනල භාවිත කිරීමට සකස් කළ සැලසුමක් අමාත්‍ය පාඨලි චම්පික රණවක යටතේ ක්‍රියාත්මක වන නාගරික සංවර්ධන අධිකාරිය එරෙහි වීම නිසා නතර කර දැමීමට සිදුව ඇතැයි ඇමති අජිත් පී. පෙරේරා පවසයි.

ඇමති අජිත් පී. පෙරේරාගේ මූලිකත්වයෙන් මේ පිළිබඳ විදුලි බල මණ්ඩලය සහ නාගරික සංවර්ධන අධිකාරිය අතර සාකච්ඡා කිහිපයක් පැවැත් වුවද පාර්ලිමේන්තු ගෘහ නිර්මාණ සැලසුම අනුව මෙවැනි සූර්ය පැනල ක්‍රමයක් භාවිත කළ නොහැකි බව ප්‍රකාශ කරමින් නාගරික සංවර්ධන අධිකාරිය ඊට එරෙහි වී තිබේ.

නිරවිකරණය සහ සංවර්ධනය පිළිබඳ සංසදයේ සම්බන්ධීකාරක විද්‍යා අබේගුණවර්ධන පවසන්නේ මෙය කිසිසේත් පිළිගත නොහැකි හේතු දැක්වීමක් බවත් නාගරික සංවර්ධන අධිකාරියේ අත්තනෝමතික තීරණය පිළිබඳ ආණ්ඩුවේ බලධාරීන් දැනුම්වත් කරන බවත්ය. මාසයක පාර්ලිමේන්තු විදුලි බිල රු. ලක්ෂ 60ක් පමණ වන අතර මෙම සූර්ය පැනල ක්‍රමය මගින් එය විශාල වශයෙන් අඩුකරගත හැකි බව ඔහුගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස