අගමැති යන තුරු ජාතික ආණ්ඩුවක් නෑ…!

May 5, 2022 at 11:22 am | by emanisa.lk

අග්‍රාමාත්‍යවරයා ඉවත් වන තුරු ජාතික ආණ්ඩුව බිහි නොවන බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

මේ හේතුවෙන් රට තවත් අරාජික වන බවයි, එම පක්ෂයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර පවසන්නේ.

රට ගොඩගැනීමට නම් ජනතාවගේ ඉල්ලීම අනුව අග්‍රාමාත්‍යවරයා මෙන්ම කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්විය යුතු බව මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

කෙසේ වුව ද වර්තමාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා යටතේ ගොඩනඟන කිසිදු ආණ්ඩුවකට තම සහයෝගය නොලැබෙන බව සමගි ජන බලවේගය මෙන් ම ජනතා විමුක්ති පෙරමුණ ද පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *