භෞතික සම්පත් නැතිව රටක් දියුණු කරන්න බෑ! අඛණ්ඩව ජලය විදුලිය ලබා දිය හැකි දූරදර්ශී නායකත්වයක් රටට අවශ්‍යයයි! – ආචාර්ය ප‍්‍රියත් බන්දු වික‍්‍රම

April 2, 2019 at 3:39 am | by admin

සංවර්ධන ව්‍යාපෘතිවලින් රටට ක්ෂණික ප්‍රතිලාභ පහළ නොවන බවත් දිගුකාලීන ප්‍රතිලාභ ලැබෙන ව්‍යාපෘති විනාශ කිරීමේ අනිටු ප්‍රතිඵල ලැබෙන්නේ අනාගත පරපුරට බවත් වරාය අධිකාරියේ හිටපු සභාපති ප‍්‍රියත් බන්දු වික‍්‍රම පවසයි.

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ සභාපතිත්වය දරන වියත්මග සංවිධානය විසින් පවත්වනු ලබන ‘රට සහ හෙට’ සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු වැන්න මාර්තු මස 31 වෙනිදා බියගම සනාරා ශාලාවේදී පැවති අතර එහිදී හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

භෞතික සම්පත් සංවර්ධනය නැතිව රටක සංවර්ධනයක්, දියුණුවක් බලාපොරොත්තු වෙන්න බැහැ. විදේශ විනිමය, සංචාරක කර්මාන්තය, අපනයනය දියුණු වෙන්නේ එවිටයි.

මීට වසර 1500 කට පෙර ස්වයංපෝෂිත රටක් අපට තිබුණේ. එවැනි පෞඪ ඉතිහාසයකට උරුම කියන ජාතියකට අද අත්ව තිබෙන ඉරණම කුමක්ද? ලෝකයේ සෑම රටක්ම දියුණු වෙලා තිබෙන්නේ රටකට අවශ්‍ය භෞතික සම්පත් සංවර්ධනය වෙලා තිබූ නිසයි. අපි පුංචි රටක්. නිසි භෞතික සම්පත් සංවර්ධනයක් අද නැහැ.

අධිවේගී මාර්ග රටේ සංවර්ධනයට ආර්ථිකයට බලපානවා. අද මාතර සිටත් කොළඹ රාජකාරි සඳහා එන අයත් ඉන්නවා. එදා සංවර්ධන ව්‍යාපෘති කරන විට නොයෙක් විවේචන එල්ල වුණා. එවැනි ව්‍යාපෘති රටකට අවශ්‍යි. ඒවා නියම වටිනාකමකට කිරීම වැදගත්.
මේ ව්‍යාපෘතිවලින් වසරකින් දෙකකින් ලාභ ලබන්න බැහැ. දීර්ඝ කාලීන ප‍්‍රතිලාභ දෙන ව්‍යාපෘති විනාශ කළොත් එහි ප‍්‍රතිඵල ලැබෙන්නේ අනාගත පරපුරටයි.

අද රටේ සියලුම ඛණිජ සම්පත් පෞද්ගලීකකරණය කරනවා. මේ ආණ්ඩුව ඒවා විකුණලා එදා වේල හොයා ගන්නවා. රාජ්‍ය යාන්ත‍්‍රණය කඩාවැටිලා. දේශීය ආයෝජකයන් ආයෝජනය කරන්නේ නැහැ.

විදුලිය, ජලය රටක සංවර්ධනයට ඉතා වැදගත්. ඒවා නිසි ලෙස ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කළ හැකි නායකයෙක් අවශ්‍යයි. එවැනි නායකයෙක් බිහි කිරීමට ඉතා වැදගත්. ඔහු පිටුපස යන කණ්ඩායමක් හදාගන්න පුළුවන්කම තිබෙනවා. එහිදී මේ රට සංවර්ධිත රටක් බවට පත් කිරීමට හැකියාව තිබෙනවා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස