ජනාධිපතිවරණයෙන් නාගානන්ද 70%කට වඩා ඡන්ද ගන්නවා! ඊට පසු නාගානන්ද දසරාජ ධර්මයෙන් රට කරනවා! – නාගානන්ද (video)

July 17, 2019 at 3:02 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී 70%කට වැඩි බහුතර ඡන්ද ප්‍රතිශතයක් ලබා තමන් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වන බව නාගානන්ද කොඩිතුවක්කු පවසයි.

තම එංගලන්ත පුරවැසිභාවය ඉවත් කර ගැනීමට දැනටමත් කටයුතු කර ඇති බව සඳහන් කළ නාගානන්ද අප වැනි රටවල් විනාශයට පත්වීම බටහිර රටවලට ගැටලුවක් නිසා තමන්ගේ මැදිහත්වීමට අවශ්‍ය සහය එංගලන්තය ලබා දෙනු ඇතැයි ද සඳහන් කළේය.

වර්තමානයේ ජනතාව වෙනුවෙන් යැයි කියමින් පාලකයන් තැනූ ව්‍යවස්ථාව වෙනුවට ජනතාව අතරින් ස්වයංජාත ව්‍යවස්ථාවක් නිර්මාණය කරන බව ද ඔහු සඳහන් කළේය. එම ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලය ජනතාව දැනගත යුතු නැතැයි ද ඔහු පැවසීය. ඔහු යටතේ පාර්ලිමේන්තුව මන්ත්‍රීවරු 60කට ද ඇමති මණ්ඩලය 24කට ද සීමා වන බව ද සඳහන් කළේය.

ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන මේ වන විට රු. මිලයන 3ක් මේ වන විට ජනතාවගෙන් ලැබී ඇතැයි පැවසූ නාගානන්ද එම අරමුදල මිලියන 600 ඉක්මනු ඇතැයි ද පැවසීය. සියලු මැති ඇමතිවරු විශ්වාසය සුරැකිය යුතු බවත් එය උල්ලංඝනය කළහොත් සිය දිවි නසා ගැනීම හෝ ජීවිතාන්තය දක්වා හිරේ යාම හැර විකල්පයක් නොමැති බව අවධාරණය කළේය.

බෞද්ධ දර්ශනය පදනම් කරගෙන දස රාජ ධර්මය පාලනය වන රටක් ව්‍යවස්ථාව ඔස්සේ නිර්මාණය කරන බව ද හෙතෙම පවසයි.

ඔහුගේ සමස්ත කතාව වීඩියෝව මගින් නරඹන්න.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස