ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ ආරක්ෂාව වැදගත් හෙයින් ඒ වෙනුවෙන් විවිධ වාහන භාවිත කරන අතර ඒ සඳහා වියදම පක්ෂයෙන් දරන බවත් පාර්ලිමේන්තු මන්ත්රීනී, ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පවසයි.
“චෝදනා කරන්න පුළුවන් අයට විවිධ චෝදනා කරයි. අපි කියලා තියෙන්නෙ ජනතා මුදල් අවභාවිත කරලා අපි කවුරුවත් මොනවත් කරලා නෑ.
එතකොට අනුර සහෝදරයාගෙ ආරක්ෂාව අපට වැදගත්. අනුර සහෝදරයාගෙ ආරක්ෂාව මත අපි ගන්න සමහර තීන්දු තීරණ තියෙනවා. ඒ තීන්දු තීරණ කාටවත් රටේ ජනතාවට බරක් වෙලා නෑ. ඒක අපි දරාගන්න වියදමක්. අපි දරාගන්න බරක්. ඒකෙන් කාටවත් කිසිම හානියක් වෙන්නෙ නෑ.
මේ රටේ ජනාධිපති වෙන්න නියමිත අනුර සහෝදරයාගෙ ආරක්ෂාව තහවුරු කරන එක අපට වැදගත්. ඒ වෙනුවෙන් අපි කළ යුතු දේ අපි කරනවා.”
හරිනි අමරසූරිය මහත්මිය මේ බව පැවසුවේ ඊයේ (02) පැවති මාධ්‍ය හමුවකදී අනුර දිසානායක v8 වාහන භාවිතය පිළිබඳ මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමිනි.