TNA ඉරිතලා දෙදරයි! ප්‍රධාන ලේකම් ඉල්ලා අස්වෙයි!

September 14, 2020 at 12:00 pm | by emanisa.lk

දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් කේ. තුරෙයිරාජසිංහ ඉල්ලා අස්වී තිබේ.

ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා වෙත යොමු කර ඇත.

මෙම ඉල්ලා අස්වීම ගැන තමන් පුදුම නොවන බව පවසන සේනාධිරාජා එම ඉල්ලා අස්වීමෙන් පක්ෂයේ ඉදිරි ගමනට බාධාවක් නොවන බවත් පැවසීය.

තුරෙයි රාජසිංහම් ඉල්ලා අස්වූයේ වෛරී චේතනාවකින් හෝ වෙනත් ගැටලුවකින් නොවන බවත් ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස