threads උන්මාදයක් වෙයි…! ලෝක වාර්තා තබමින් පැතිරෙයි..!

July 7, 2023 at 4:37 pm | by emanisa.lk

ලොව කෙටිම කාලයක් තුළ වැඩි ම පිරිසක් බාගත කළ (Download) ජංගම දුරකථන යෙදවුම බවට ෆේස්බුක් හිමි මෙටා සමාගම ඊයේ (06) පත්ව තිබේ.

ඒ, පැය 16 ක් තුළ පුද්ගලයින් මිලියව 30ක් එම යෙදවුම බාගත කර කිරීමත් සමගය.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියා තිබුණේ මෑත ඉතිහාසයේ පෙරළියක් කළ චැට් GPT යෙදවුමයි. එය දින 05ක් ඇතුළත බාගත කර තිබූ පිරිස මිලියනයකට අධිකය.

ත්‍රෙඩ්ස් යෙදවුම මාස දෙකක් තුළ මිලියන 100 ක පිරිසක් බාගත කරනු ඇති බවට අනුමාන කරයි.

මෙම වාර්තාව පිළිබඳ තොරතුරු අනාවරණය වුණේ “ත්‍රෙඩ්ස්” ජංගම දුරකථන යෙදවුමට එරෙහිව නඩු පැවරීමට ලොව ධනවතා වන එලෝන් මස්ක්ගේ ට්විටර් සමාගම සූදානම් වන බවට වාර්තා පළවන පසුබිමකයි.

මේ අතර Twitter සමාගමේ හිමිකරු වන එලෝන් මස්ක් පවසා ඇත්තේ තරඟය යහපත් වුවද වංචා කිරීම සුදුසු නොවන බවත් ත්‍රෙඩ්ස් යෙදවුමට එරෙහිව නඩු පවරන බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *