ජාතික ඖෂධ නියාමන අධිකාරියේ දත්ත පද්ධතියේ මැකී ගිය දත්ත ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනයේ ක්ලවුඩ්හි ඇතැයි යන උපකල්පනය මත ටෙලිකොම් ආයතනයට චෝදනා කළ බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර පවසයි.
ඔහු මේ බව පවසා ඇත්තේ අදාළ ප්‍රකාශය පිළිබඳ ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය සිදුකළ පැමිණිල්ලක් පිළිබඳ ප්‍රකාශයක් ලබා දීමට අද (30) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අවස්ථාවේ ය.
එසේ ම සිය ප්‍රකාශය විද්‍යුත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය නොවුණු බවත් ඔහු සඳහන් කර ඇත.
සීමිත පිරිසක් සිටින සිය ෆේස්බුක් පිටුව ඔස්සේ පමණක් ප්‍රචාරය වූ හෙයින් එය සමාජගත නොවූ බවත් මනූෂ නානායක්කාර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ වැඩි දුරටත් ප්‍රකාශ කර තිබේ.