LNG බලාගාරය රටට අහිමි කළේ විමල්-ගම්මන්පිල…! ඒක යහපාලන සාම්පූර් විනාශයටත් වඩා අපරාධයක්…!

September 23, 2022 at 10:57 am | by emanisa.lk

විමල්ල ගම්මන්පිලල එකතු වෙලා 2023 විවෘත කරන්න තිබුණ LNG බලාගාරය ලංකාවට එන එක නැවැත්තුව. ඒක හරියට යහපාලන ආණ්ඩුව සාම්පූර් බලාගාරය නැවැත්තුවා වගෙ එකක්.

LNG එක ආවා නම්, ගල් අඟුරු නැතුව, ලාභදායි හා සාපේක්ෂව පිරිසිදු LNGවලින් මෙගාවෝට් 300 විදුලිය නිපදවනවා. ඊට අමතරව තවත් මෙගාවොට් 350ක සොබාදනවි කියල තනිකර LNG බලාගාරයක් හදනවා. එකතුව මෙගාවෝට් 650.

එහෙම බැලුවාම මේක සාම්පූර් එකටත් වඩා හැම අතින්ම වටිනවා. ඒක නැති කළා. උත්තර සභාග කියල හදාගෙන උත්තර හොයන අය ඔන්න රටේ මූලික ප්‍රශ්නවලට උත්තර දුන්න හැටි.

දැන් ගල්අඟුරු ටෙන්ඩරයටත් නඩු දාලා ඒක හිරකරල නොරොච්චෝලෙත් වහල දාන තැනට තවත් පිරිසක් වැඩ කරනවා. ටිකක් නැවතිලා හිතන්න, මේ රට වට්ටන්නෙ කවුද කියලා.

මහින්ද පතිරණ..

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *