IMF වැල් පාළම පැලැස්තරයක් විතරයි… සැබෑ විසඳුම ව්‍යවසායක රාජ්‍යයයි…! – විමල්…

September 6, 2024 at 6:03 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපට උදව් කරන්නේ ණය ගැනීමේ හැකියාව ඇති කොට නැවත අප ණය ගැනීමට යොමු කරවීමට බව සර්වජන බලය විධායක සභික, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ එමගින් අප නැවත ණය ගනිමින් ණය ගෙවීමේ ණය උගුලක දිගින් දිගට ම පැටලෙන බවයි.

වැල් පාළමේ අඩක් ගිය බව කියන ජනාධිපතිවරයා ද ඉතිරි අඩ යෑමට බලය ඉල්ලන සජිත් අනුර පාර්ශ්ව සඳහා ද ඊට එහා ගිය විකල්පයක් නොමැති බව ද මන්ත්‍රීවරයා සඳහන් කරයි.

එහෙත් ඉතිහාසයේ ප්‍රථම වතාවට ව්‍යවසායක රාජ්‍ය සංකල්පය සර්වජන බලය ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර විසින් ජනාධිපති වේදිකාවට ගෙනැවිත් සියල්ල දෙස යැපුම් මානසිකත්වයෙන් නොව ව්‍යවසායක මනසකින් බැලීම සඳහා රට යොමු කරවමින් ඇති බවයි, විමල් වීරවංශ ප්‍රකාශ කළේ.

සර්වජන බලය වැඩපිළිවෙළ මගින් යෝජිත උපායමාර්ගික මණ්ඩලය මගින් ණය ගෙන ණය ගෙවා ඉන් ගොඩඑන ආකාරය, ආයෝජන රටට ගෙන එන ආකාරය පැහැදිලි කළ යුතු බවත් කැබිනට් අනුමැතිය සඳහා අදාළ යෝජනා යොමු වන්නේ අනතුරුව බවත් හෙතෙම කීය.

දෙරණ වැඩසටහනකට එකතු වෙමින් විමල් වීරවංශ මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *