IMF නොලැබුණේ ආණ්ඩුවේ දූෂණ නිසයි..! – සජිත්..

September 29, 2023 at 9:45 am | by emanisa.lk

ආණ්ඩුවේ අධි දූෂණකාරී ප්‍රතිපත්ති පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කනස්සල්ලෙන් පසුවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

විපක්ෂ නායකවරයා චෝදනා කළේ, ආදායම් ඉලක්කවලට යාම ඇතුළු ඉලක්ක සම්පූර්ණ කිරීමට ආණ්ඩුව අපොහොසත් වී ඇති නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලබා දීම නතර කර ඇති බවටයි.

සක්වල වැඩසටහන යටතේ අක්කරේපත්තුව ශ්‍රී රාම ක්‍රිෂ්ණන් විද්‍යාලයට රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථයක් ලබා දීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

රට බංකොලොත් වි තිබියදීත් රටේ නායකයන් මාස්පතා විදෙස් සවාරි යන බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙවැනි අරමුදල ලබා දීම කල් දමන බවට පවසන විටත් මුදල් ඇමතිකම දරන ජනපති රටේ නොමැති බවත් විපක්ෂ නායකවරයා එහි දී වැඩි දුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *