රටේ ශීඝ්‍ර ආර්ථික වර්ධනයක් ඇති කිරීම සඳහා රජය ආරම්භ කර ඇති වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට නම් නීති පද්ධතිය ද නවීකරණය විය යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
බිඳ වැටුණු ශ්‍රී ලංකා ආර්ථිකය ගොඩනැඟීමට ඇති කඩිනම් විසඳුම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහන බව කී ජනාධිපතිවරයා, එම ප්‍රතිලාභය ජනතාවට හිමිකර දීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුම නීතිගත කිරීමට කටයුතු කරන බව ද සඳහන් කළේය.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ මහනුවර නීතිඥවරුන් සමඟ මහනුවර මහවැලි රීච් හෝටලයේ පැවති සුහද හමුවේදීය.
එසේම සෑම ක්ෂේත්රයකම නවීකරණයක් වෙනුවෙන් නව නීති පද්ධතියක් ගෙන එන බව පැවසූ ජනාධිපතිවරයා, එම කටයුතු සඳහා නීති ක්ෂේත්රයේ සියලු දෙනාගේ සහාය අපේක්ෂා කරන බව ද සඳහන් කළේය