IMF ගියාට මේ අවුරුද්දේ නම් ණය ලැබෙන්නේ නෑ…! – හර්ෂ ද සිල්වා…

June 13, 2022 at 2:41 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබා ගැනීමට මේ වසර අවසන් වන තුරු සිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එම අරමුදලේ පිරිසක් පැමිණ මාසයක් එකහමාරක් ඇතුළත කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙයි.

එහෙත් එවැනි ගිවිසුම් සඳහා මුදල් නොලැබෙන බවත් අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල ගිවිසුම අත්සන් කරන තුරු කිසිදු සහනයක් නොලැබෙන බවත් හර්ෂ ද සිල්වා අවධාරණය කරයි.

ඒ සඳහා තවත් විශාල වැඩ කොටසක් කළ යුතුව ඇති බවත් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම, වියදම් අඩු කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදීය පහසු නැති බවත් හෙතෙම සඳහන් කරයි.

හෝමාගම ඊයේ (12) පැවැති වැඩසටහනක් අමතමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *