ශ්‍රී ලංකාව මුහුණ දෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට වඩා ඉන්දියාව උදව් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් පවසයි.
මෝදි ආණ්ඩුව අසල්වැසි රටවල දියුණුව වෙනුවෙන් සිදුකරන දායකත්වය ඉහළ නංවා ඇති බව ද ඔහු සඳහන් කළේය.
සිය රට ලංකාව නගා සිටුවීම සඳහා ලබා දුන් දායකත්වය දැන් කොළඹ සංචාරය කරන අයට දැකගත හැකි යැයි ද ආචාර්ය ජයශංකර් ප්‍රකාශ කළේය.
පෞද්ගලික විශ්වවිද්‍යාල සාමාජිකයින් සහ සිසු පිරිසක් අමතමින් හෙතෙම මේ බව කීය.