IMF එකට කසිප්පු පිළිබඳ උගන්වන්න යෝජනාවක්…!

October 19, 2023 at 7:37 pm | by emanisa.lk

අරක්කු බෝතලයක් නිෂ්පාදනය කර විකිණීම සඳහා වැය වන්නේ රු. 1200ක් වුව ද එය විකිණෙන්නේ රු. 3200ට බව රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් අමරසූරිය පවසයි.

බෝතලයකින් රු. 2000ක් ලාභ ලබන විට 2019ට පෙර කාලයට සාපෙක්ෂව අරක්කු අලෙවිය 75%කින් පමණ පහත වැටී ඇති බවයි. ඔහු සඳහන් කළේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල බදු ආදායම ඉහළ නංවා ගැනීම සඳහා කරන ලද යෝජනාවක් අනුව මෙලෙස අරක්කු මිල ඉහළ දැමුව ද ලංකාවේ කසිප්පු යනුවෙන් දෙයක් ඇති බව ඔවුන්ට කියා දිය යුතු යැයි ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රාජ්‍ය ඇමැති අමරසූරිය වැඩි දුරටත් සඳහන් කළේ බදු ඉහළ නැංවුව ද රටේ බදු ආදායම ඉහළ ගොස් නොමැති බවත් ජනතාව කසිප්පු සඳහා යොමු වීම ඊට හේතුව බවත්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *